වර්තමාන දේශපාලන ව්‍යුහය තුල ක්‍රියාකාරීව දේශපාලනය කිරීම ගරු සේවයක් ලෙස අපි නොසලකන්නෙමු. තම ආත්මගරුත්වය රැකගෙන දූෂණයෙන් තොරව අභිමානයෙන් ගෞරවාන්විතව ඉහළ ගුණාත්මක සේවාවක් සපයන්නෙකුට එම වෘත්තියට ගැළපෙන ඉහළම වැටුප් හා වරප්‍රසාද ලැබිය යුතු බව අප විශ්වාස කරන්නෙමු. පුද්ගලික අංශයේ විධායක තනතුරු සඳහා ඉහළම වැටුප් ගෙවනු ලබන්නේ නියමිත ඉලක්ක සපුරා ගැනීම සඳහායි. එබැවින් වරප්‍රසාද නොමැතිව කැබිනට් ඇමතිවරයෙකුගේ සිට ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු දක්වා උපරිමය රු. ලක්ෂ 20 ක් හා අවම රු.ලක්ෂයක වැටුපක් ලබාදිය යුතු බව අපගේ යෝජනාවයි.
01. වර්තමාන පාර්ලිමේන්තුව, පළාත් පාලන ආයතන, පළාත් සභාව නියෝජනය කර නොතිබීම.
02. නිවැරදි තීන්දු තීරණ ගැනීම හා පොදු යහපත වෙනුවෙන් ඒවා නිවැරදිව ක්‍රියාත්මක කිරීමේදී මතුවන ඕනෑම අභියෝගයකට මුහුණ දිය හැකි එඩිතර නායකත්වය හා දක්ෂ කළමණාකාරිත්වයක් තිබීම.
03. සාර්ථක වෘත්තිකයෙකු, ව්‍යවසායකයෙකු, පරිපාලකයෙකු, ජාතික හා ජාත්‍යන්තර කීර්තියක් උසුනලන්නෙකු, රට උදෙසා සාර්ථක යුග මෙහෙවරක යෙදෙන්නකු මෙන්ම නිකළැල් චරිතයකින් හෙබි පුද්ගලයෙකු වීම.
04. විශ්ව විද්‍යාල උපාධියක් හෝ වෘත්තිමය සුදුසු කමක් හෝ ඒ හා සමාන අත්දැකිම් සමුදායක් සහිත අදාළ විෂය පථයන්ගෙන් සාර්ථක ප්‍රතිඵල නෙලාගත් ප්‍රායෝගික පුද්ගලයෙකු වීම.
05. සියළු ආගමික ශාස්තෘන් ගරු කරන, සියළු පුරවැසියන්ට සමානව සලකන, සියළු ජන කොටස් වල සංස්කෘතීන්ගේ පැවැත්ම තහවුරු කරන දැක්මකින් යුක්ත පුද්ගලයෙකු වීම.
06. වයස අවුරුදු 60 ට අඩු වීම.
07. ශක්තිමත් ආර්ථික පසුබිමක් සහිත වීම.
තනි පුද්ගලයකුට තනිව කළ නොහැකි දේට වඩා වැඩි යමක් ජනතාව වන අපි එක්ව අත්කර ගනිමු...