අපි මොනවද කලේ ?

පක්ෂ ප්‍රතිපත්ති ප්‍රකාශ හා දේශපාලනය වෘත්තියක් කරගත් පුද්ගල චරිත මත අන්ධ විශ්වාසයෙන් යුතුව හා පුද්ගලික අරමුණු වෙනුවෙන් දේශපාලන වහලුන් ලෙස, දූෂිත, අසමත්, අදූරදර්ශී හා සුදුසුකම් විරහිත වංක පිරිස් නැවත නැවතත් ව්‍යවස්ථාදායකයට හා විධායකයට තෝරා පත් කර යැවීම.

අපිට මොකද වුනේ.....

අපි හැමවිටම ඡන්දය දුන්නේ බලයේ සිටින පුද්ගලයා පහ කිරීමට මිස බලයට පත්කරන පුද්ගලයා පිළිබඳ නිවැරදි තක්සේරුවකින් තොරවයි. අපි දැන් භුක්ති විදින්නේ එහි ප්‍රතිවිපාකයි.

අපි කළ යුතු දේ ?

වහල් දේශපාලනයෙන් ඉවත් වී අතීතයේ කළ වැරදි නිවැරදි කිරීමට උගත්, බුද්ධිමත්, දූෂණයෙන් තොර, දියුණුව පිළිබඳ වෘත්තීමය පළපුරුද්දක් සහිත, සංවර්ධනය පිළිබඳ ප්‍රායෝගික සැලැස්මක් ඇති, සුදුසුකම් වලින් පරිපූර්ණ පිරිසක් ව්‍යවස්ථාදායකයට තෝරා පත්කර යැවීම. මෙම අරමුණ වෙනුවෙන් එක් පෙරමුණකට පැමිණීම. 

දශක 6ක් තුළ ශ්‍රී ලංකාවේ සහ සිංගප්පුරුවේ ඒක පුද්ගල ආදායම

නිදහසට කරුණු මොනවා කීවත් අපි තවම එතැනමයි !

දක්ෂ වෘත්තිකයන් දේශපාලනයට ආකර්ෂණය නොවීම, අප රට මුහුණපා ඇති දැවැන්තම අභියෝගයයි.

රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ ඉහළ කළමනාකාරීත්වයේ වැටුප්

තනතුර
ආයතනය
දීමනා රහිතව වැටුප
අධිපති
මහ බැංකුවේ
වැටුප අවමය රු.. 2,000,000
ප්‍රධාන විධායක හා සමුහ ප්‍රධාන විධායක
තරු පන්තියේ හෝටල්
වැටුප අවමය රු..1,500,000 සිට රු..7,000,000 දක්වා
ජ්‍යෙෂ්ඨ කළමණාකරු
රාජ්‍ය හා පුද්ගලික බැංකු
වැටුප අවමය රු..1,500,000 සිට රු..3,000,000 දක්වා
ප්‍රධාන විධායක හා සමුහ ප්‍රධාන විධායක
ප්‍රධාන පෙළේ සමූහ ව්‍යාපාර
වැටුප අවමය රු..2,000,000 සිට රු..10,000,000 දක්වා

මහජන ජන්දයෙන් ගරු සේවයට පැමිණෙන දේශපාලඥයෙකුගේ වැටුප

තනතුර
ආයතනය
දීමනා රහිතව වැටුප / දීමනා
පාර්ලිමේන්තු මන්ත්‍රී
පාර්ලිමේන්තුව
වැටුප අවමය රු.. 54,285
නියෝජ්‍ය ඇමති
පාර්ලිමේන්තුව
වැටුප අවමය රු.. 54,285
කැබිනට් ඇමති
පාර්ලිමේන්තුව
වැටුප අවමය රු.. 54,285
පළාත් සභා මන්ත්‍රී
පළාත් සභා
වැටුප අවමය රු.. 27,500
ප්‍රාදේශීය සභා මන්ත්‍රී
ප්‍රාදේශීය සභා
දීමනා අවමය රු.. 15,000

ඔබ රටකජු වලින් ගෙවුවොත් වඳුරන්ගේ සේවය ලබා ගත හැක.

වර්තමානයේ අප රට මුහුණපා ඇති දැවැන්තම අභියෝගය වශයෙන් අප පක්ෂය හඳුනාගෙන ඇත්තේ දක්ෂ වෘත්තිකයින් දේශපාලනයට ආකර්ෂණය නොවීමයි. පවතින දේශපාලන ව්‍යුහය තුල ක්‍රියාකාරීව දේශපාලනය කිරීම පවතින කාර්මික වටපිටාව තුළ තවදුරටත් ගරු සේවයක් ලෙස අප නොසලකන්නෙමු.

දේශපාලන නායකයන්ද, බලයට පත්වන පාලකයන්ද, නිලධාරීන්ද, සේවකයන්ද වරදට, වංචාවට, අල්ලසට, දූෂණයට නැඹුරු වීමට මෙය මූලික හේතුවක් වී ඇත. විශේෂයෙන්ම දේශපාලන ක්ෂේත්‍රයේ වෘත්තිකයින්ට ඒ තුළට ඇතුළුවී එම සේවයට සරිලන වැටුප් හා වරප්‍රසාද නොලැබීම, සාර්ථක නිර්මාණ හා ව්‍යාපෘති ඇගයීමට ලක් නොවීම, ඔවුන්ගේ වෘත්තියේ ගරුත්වය හා අභිමානය රැකෙන අයුරින් සමාජයේ ගෞරවාන්විතව ජීවත් වීමට නොහැකිවීම ආර්ථික හැකියාවක් නොහැකිවීම යන කරුණු මත මෙය උද්ගත වී ඇත. 

තම ආත්මගරුත්වය රැකගෙන දූෂණයෙන් තොරව අභිමානයෙන් ගෞරවාන්විතව ඉහළ ගුණාත්මක සේවාවක් සපයන්නෙකුට එම වෘත්තියට ගැළපෙන ඉහළම වැටුප් හා වරප්‍රසාද ලැබිය යුතු බව අප පක්ෂය තරයේ විශ්වාස කරන්නෙමු. පෞද්ගලික අංශයේ විධායක තනතුරු සඳහා ඉහළම වැටුප් ගෙවනු ලබන්නේ නියමිත ඉලක්ක සපුරා ගැනීම සඳහායි. මෙම තත්වය තුළ ගුණාත්මක බවින් ඉහළම තලයේ වෘත්තිකයින් පෞද්ගලික අංශයේ සේවයේ යෙදෙන අතර දේශපාලන කටයුතු සඳහා වෘත්තියක් වශයෙන් නැඹුරු වී ඇත්තේ ගුණාත්මක බවින් අඩු පෞද්ගලික අංශය තුළ සාර්ථක නොවූ පිරිස්ය. එබැවින් වරප්‍රසාද සහිතව කැබිනට් ඇමතිවරයෙකුගේ සිට ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු දක්වා උපරිමය ශ්‍රී ලංකා රු. ලක්ෂ 25 ක් හා අවමය රු.ලක්ෂයක වැටුපක් ලබාදිය යුතු බව අප පක්ෂයේ හැඟීමයි.

මෙමඟින් පෞද්ගලික අංශයේ සහ විදේශගතව සිටින දක්ෂ වෘත්තිකයින් මෙරට දේශපාලනය සඳහා  ආකර්ශණය කර ගැනීමට මෙම පසුබිම සකස් කර ගැනීම අවශ්‍ය වේ. ඒ් අනුව අප පක්ෂය ඒ සඳහා කටයුතු කිරීමට අපේක්ෂිතය.

දේශපාලනික සියළු තනතුරු සඳහා විශේෂ  සුදුසුකම් ලෙස පහත සඳහන් සුදුසුකම් සපුරා තිබිය යුතුය.

අපි ගැන වැඩි විස්තර දැනගන්න

ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ආරම්භයේ කතාව.

දිගු කලක් තිස්සේ අප රට ආර්ථික, සමාජීය, සංස්කෘතික, පාරසරික සහ දේශපාලනික වශයෙන් විනාශයට පත් කළ, ලෝකයක් ඉදිරියේ ණය බරින් පීඩනයෙන් පිරි, අභාග්‍ය සම්පන්න බංකොලොත් ජාතියක් ලෙස දනින් වැටීමට අපට හුරු කල දේශපාලන සංස්කෘතිය අවසන් කිරීම සඳහා පෙරමුණ ගැනීම ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය නිර්මාණය කල අපගේ අරමුණයි. අයුක්තිය ද අසාධාරණය ද වගවීමක් නොමැති පාලන තන්ත්‍රයේ සහ රාජ්‍ය සේවයේ අකටයුතුකම් ඉවසීම ද ජීවන අරගලයේ කොටසක් බවට පත් කළ එකී බලලෝභී දේශපාලන සංස්කෘතිය ඉවත් කිරීම සඳහා, කිසිදු ජාති, ආගම්, පක්ෂ භේදයකින් තොරව විවිධ කාල සීමාවන් හී දී පෙළගැසුනු, පෙළගැසෙමින් සිටින පිරිස් ද බොහෝ ය. ඒ සියලු බලවේගයන් කෘතඥතා පූර්වකව මේ මොහොතේ සිහිපත් කර සිටිමු.

දැක්ම

නිදහස් පුරවැසියන් ජීවත් වන

සමෘද්ධිමත් රටක් සඳහා

වග වෙන නායකත්වයක්...

අරමුණ

රට ගොඩනැගීම සඳහා වන පුළුල් දැක්මක් සහිත බුද්ධිමත් වූත්, දූරදර්ශීවූත්, නිර්මාණශීලී වූත්, තම විෂයපථයන් ගෙන් සාර්ථක ප්‍රතිඵල නෙළාගත්, ප්‍රායෝගික වූත් මානවවාදී නායකත්ව ගුණයෙන් පූර්ණ ස්වකීය අදහස් මෙන්ම උපදේශකවරුන්ගේ මග පෙන්වීම ද සමගින් ජාතික වගකීම නොපිරිහෙලා ඉටු කිරීමට, ජනපති අගමැති ඇතුළු විස්සකට සීමා වූ කැබිනට් මංඩලයක් හා ආසන මට්ටමින් ද ඉහත ගුණාංගයෙන් යුත් මන්ත්‍රීධූර අපේක්ෂකයින්ගේ කණ්ඩායමක් ඉදිරිපත් කර ශ්‍රී ලංකාව සමෘද්ධිමත් රටක් බවට පත් කිරීම.

ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ අපි කවුද

support team

නීතීඥ කමල් නිශ්ශංක

නායක

කේ. එස්. ටී. පෙරේරා

මහලේකම්

ෂර්මන් ගුණතිලක

සභාපති

Inspire Greatness, Lead With Integrity.!

Liberal Democratic Party Inspiration Team

Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.

Ranjan Ramanayake

Advisor

Dudley Sirisena

Advisor

Lal Hemantha Mawalage

Journalist

Pro. Raj Somadewa

Front-End Dev

Charlie Cooper

Front-End Dev

ඔබගේ ප්‍රශ්න අපට එවන්න

ඔබගේ ප්‍රශ්න අපට එවන්න
සම්පූර්ණ නම
සම්පූර්ණ නම
පළමු
අවසාන
Uploading