රටට අලුත් පක්ෂයක් ඔිනෑද?

ඇත්තටම රටට අවශ්‍ය තවත් එක් අලුත් පක්ෂයක් නොවේ.

රටට ගොඩ යන්න හැකි, රට ගොඩනඟන, මේ මහ පොළොවේ පැළ කළ හැකි, යතාර්ථයක් වන නව නිර්මාණශීලී සංකල්පයක්

ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය එහෙම එකක් ද?

ඔව්. තාමත් ක්‍රියාකාරී දේශපාලනයට අවතීර්ණ වෙමින් සිටින පක්ෂයක්. අප රටේ ආර්ථික, සමාජ සංස්කෘතික හා දේශපාලනික වශයෙන් කළ යුතු වෙනස්කම් පිළිබඳව විවෘත මනසින් බලන්න අවශ්‍ය යැයි කියා විශ්වාස කරන පිරිසකගේ එකමුතුවක්.

විශ්වවිද්‍යාල විද්‍යාර්ථීන්, සාර්ථක ව්‍යවසායකයන්, ව්‍යාපාරිකයන් හා ඉහල වෘත්තිකයන්ගේ අදහස්, යෝජනා හා සංකල්ප ප්‍රායෝගිකව ප්‍රකාශ කිරීම සඳහා නිර්මානය වූ පක්ෂයක්.

නිදසුනක් ලෙස දක්වන්නේ නම් කෘෂි විද්‍යාර්ථියාගේ සිට ගොවිබිමේ සිටින ගොවියා දක්වා පාර්ශවයන් ඒකාබද්ධ කල යුතු යැයි විශ්වාස කරන ඒ සඳහා පෙළගැස්මක් හදන පක්ෂයක්.

ඇත්තටම අපේ රට ගොඩ ගන්න පුළුවන් ද?

ඔව් කියන, දැඩි විශ්වාසයෙන් ඒ සඳහා වන ප්‍රායෝගික වැඩ පිළිවෙළක් ද අත ඇති මිනිසුන් අපේ සමාජයේ එමටය.

ඒ සියල්ලන් එක් කරන්නට, ඊට ඉඩ දෙන්නට හැකි පක්ෂ ක්‍රමයක් අපේ රට තුළ අදත් නැත. එවැනි අලුත් සංකල්පයක් ඔස්සේ ක්‍රියා කරන්නට පවතින සාම්ප්‍රදායික පක්ෂවලට හැකියාවක්ද නැත.

එම සම්ප්‍රදායික පක්ෂ කුමන මුහුණුවරකින් ජනතාව හමුවට පැමිනිය ද, ඔවුන්ගේ අතීත ක්‍රියාකාරකම් නිසා ජනතාව මේ පක්ෂ පිළිගන්නේ ද නැත.

එම නිසා ඇත්තටම රට ගොඩගන්න පුළුවන් යැයි ඔවුන් පැවසුවද, ජනතා විශ්වාසය දිනා ගැනීම අභියෝගයකි.

ඒ සඳහා අප පෙළගැසෙන්නයි; මේ සූදානම.

ලිබරල් සංකල්පය ඊට සුදුසු ද?

ඔව්. ලිබරල් යනු සරලවම නිදහස යන්නයි. ලිබරල්වාදය යනු ‘නිදහස් සමාජයක් සඳහා වන දේශපාලන දර්ශනයයි’. සැබැවින්ම අප මුලින්ම කල යුත්තේ අප නිදහස් මිනිසුන්, අප කිසිවෙකුගේ වහල්ලු නොවේ යන මතය සමාජ ගත කිරීමයි.

එනම් අපේ ප්‍රයත්නය දේශපාලනික, ආර්ථික, සමාජීය හා සංස්කෘතික නිදහස් පුරවැසියෙකු බිහිකිරීමයි.

ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය පිළිගත් රටවල් සාර්ථක ද ?

ඔව්. නිදහස් මිනිසා යන සංකල්පය හා මතය ඉහලින්ම ක්‍රියාත්මක වන රටවල් අතර බටහිර යුරෝපය, කැනඩාව, ඔස්ට්‍රේලියාව, ජපානය, ජර්මනිය ආදී රටවල් පෙන්වා දිය හැක.

නිදහස් ජීවිතයක් අරඹන්නට අපේ රටේ තරුණ තරුණියන් යාමට උත්සාහ කරන්නේ ද ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී රටවල් වලටය.

අපේ රටේ පක්ෂ වලට ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී විය හැකි ද ?

කිසිසේත් නොහැක. එයට හේතුව මේ සියලු පක්ෂ ආරක්ෂා වී ඇත්තේ ජාතිවාදය, ආගම්වාදය, පවුල්වාදය, ප්‍රභූවාදය හෝ පංතිවාදය ආදී සාධක මුල්කරගෙනය.

එසේ නොවේ යැයි කියා මොන තරම් කීවත් මේ පක්ෂ ඡන්දයකදී තම අපේක්ෂකයින් ඒ ඒ පලාත් වලට ඉදිරිපත් කරන්නේ ඉහත සාධක මතය. ඒ නිසා ජනතාව අතරින් කුලවාදය,ආගම්වාදය ආදිය තුරන් කිරීමට හැකි වන්නේ පක්ෂ වශයෙන් එය අත්හැරීමෙන් ය. ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය බිහිවන්නේ ඒ සඳහාම ය.

කුමක් ද අපේ රටේ ඇති අර්බුදය?

එක වචනයකින් කිවහොත් දූෂණයයි.

දශක ගණනාවක සිට දූෂිත දේශපාලකයන් හා දූෂිත රාජ්‍ය නිළධාරීන් එකතුව එය ක්‍රමානුකූලව සිදු කල අතර මෙම තත්වය අද රටේ සෑම අංශයකම පැතිර ඇත.

කාලයක් සැඟව තිබූ රටේ වත්මන් ණය අර්බුදය කොවිඩ් වසංගතයත් සමඟ මතු වුවත් පාලකයින්ගේ අවිධිමත් ආර්ථික කළමනාකරණය හේතුවෙන් පුද්ගලික අංශය ඇතුළු ආර්ථිකයේ සියළු අංශ අඩපණ වූයේය.

2009 පශ්චාත් යුධ සමයේ සිට ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර (International Sovereign Bonds – ISB) භාවිතා කර වසර 10 තුළ ලබා ගත් ඩොලර් බිලියන 18 ක ජාත්‍යන්තර ණය දූෂිත ලෙස වියදම් කිරීම අද පවතින ආර්ථික අර්බුදයට මූලික හේතුවයි.

ISB ණය බුබුල 2021 දී පුපුරා ගියේ ජාත්‍යන්තරයෙන් කළ ශ්‍රේණිගත කිරීමෙන් රට පහත වැටුණු නිසා බව ආර්ථික වෘත්තිකයෝ දනිති.

මෙය අප රටේ ‘උගත් දූෂිත නිළධාරීන් සහ නූගත් දූෂිත දේශපාලඥයින්’ විසින් කරන ලද ආර්ථික ඝාතනයකි. මේ බව 2023 අංක SEFR195/2022 දරණ ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුවෙන් ද තහවුරු කර ඇත. වර්ථමාන ආර්ථික, සාමාජයීය, ආගමික, දේශපාලනික අර්බුදයෙන් ගොඩ ඒමට නම්, කෙටි, මධ්‍ය හා දීර්ඝකාලීන වශයෙන් ප්‍රායෝගික සැලසුම් සකස් විය යුතුය. එහිලා මූලික පදනම විය යුත්තේ,

  1. සාධාරණ ලෙස ධනය උත්පාදන ක්‍රම.
  2. නීතියේ ආධිපත්‍ය මත පිහිටා කටයුතු කිරීම.
  3. හඳුනාගත් සමාජ කොටස් බල ගැන්වීම.
  4. නිශ්පාදන හා අපනයන ආර්ථිකය සවි බල ගැන්වීම හා ඒ වෙනුවෙන් නව රටාවක් බිහි කිරීම.

පාලකයින් විතර ද දූෂිත?

දේශපාලකයින් සේම බොහෝ රාජ්‍ය නිලධාරීන් ද  දූෂිත ය. එම නිසා සාමාන්‍ය ජනතාව ද අද දූෂනයේම ගොදුරක් බවට පත් වෙමින් ඔවුන්ට දූෂණයට අනුබල දෙන්නන් වී ඇත.

දූෂණයට ප්‍රධාන හේතු රාශියකි. ඒ අතර,

* සම්පත් බෙදී යාමේ විෂමතාව.
* සුදුසු වැටුපක් ආදායමක් නොමැතිකම.
* වරප්‍රසාද හිමි සහ අහිමි පිරිසක් සිටීම
* භාණ්ඩ හා සේවා හිඟකම
* නීතියේ ආධිපත්‍ය සැමට සාධාරණ නොවීම.

ශ්‍රී ලාංකිකයින් දක්ෂයින් ද?

දේශපාලකයින්ගේ වහලුන් වීමට අකමැති වූ, සුදුසු තැන් නොලැබුණු, වැටුප් විෂමතා වැනි හේතුන් මත රට හැර ගිය දක්ෂයින් බොහෝය.

නාසා ආයතනයේ මෙන්ම ලොව දසත පුරා වෙනත් කීර්තිමත් ආයතන වල ද සේවය කරමින් ශ්‍රී ලාංකික බුද්ධිමතුන් විශාල සංඛ්‍යාවක් රටට කීර්තිය ගෙන දී තිබේ. ඔවුන් සිය මූලික අධ්‍යාපනය ලබා ඇත්තේ මෙරට දී ය.

නිවැරදි නායකත්වයක් ලැබුණේ නම් දක්ෂයැයි කියන වෙනත් ජාතීන්ට වඩා වැඩි හපනුන් අපේ රටේ බිහිවනු ඇත. සැබැවින්ම ශ්‍රී ලාංකිකයින් දක්ෂයින් ය.


Warning: Trying to access array offset on value of type bool in /home/u325827710/domains/ldp.lk/public_html/test/wp-content/plugins/elementor/includes/base/widget-base.php on line 223

Warning: Undefined array key -1 in /home/u325827710/domains/ldp.lk/public_html/test/wp-content/plugins/elementor/includes/base/controls-stack.php on line 695

අපි කල යුතු දේ. . . .

Uploading