සියලුම පුරවැසියන්ට අභිමානයෙන් ජීවත් විය හැකි ලෙස වෙනස්කම් සහ විවිධත්වය ගරු කරන ජන සමාජය තුළ ආර්ථික හා සමාජ යන අංශයන්හි සමෘද්ධිය සෑම සමාජ ස්ථරයක් වෙත ලඟා වෙමින්, සියලුම ජනතාවට ඉහල ජීවන තත්වයක් උදාකරන, ශ්‍රී ලංකාව ලොවේ සංතෘෂ්ඨීම වැසියන් වෙසෙන ආකර්ෂණීය නිදහස් රටක් බවට පත්කර ගැනීමට සමත් පාලනයක් රට තුළ ස්ථාපනය කිරීම සඳහා විසඳුම් ඉදිරිපත් කර, ඒවා ක්‍රියාත්මක කිරීම සඳහා පමනක් වන අදාල ක්ෂේත්රයන් හි සාර්ථකත්වය ලබා ගත් ශ්‍රී ලාංකිකයෝ වන්නෙමු.
ඒ වෙනුවෙන් අප තෝරාගත්තේ ලිබරල් ප්රජාතන්ත්රවාදයයි. මෑත කාලීනව ලාංකේය සමාජය විසින් ඉල්ලා සිටිනු ලබන ආර්ථික සමාජ දේශපාලන අංශයන්හී අර්ථාන්විත වෙනස ඇති කිරීම වෙනුවෙන් ලිබරල් ප්රජාතන්ත්රවාදී දේශපාලන සහ ආර්ථික ප්‍රතිපත්ති මත පදනම්වූ පාලනයක් අප රට තුල ස්ථාපනය කිරීම සඳහා ජනතාව ඒකරාශී කිරීමට අපි කටයුතු කරමු.
නිදහස, පුද්ගලිකත්වය, නීතියේ ආධිපත්‍ය, විනිවිදභාවය, වගවීම, සාමය, මානව අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම, සමාන අවස්ථා යන ලිබරල් සංකල්ප ගරු කරනු ලබන පුද්ගලයන් සහ ජන කණ්ඩායම් ඒකරාශි කර රට නව දිශාවකට යොමු කිරීම වෙනුවෙන් ලිබරල් ප්රජාතන්ත්රවාදී පක්ෂයේ අපි පෙනී සිටිමු. ලිබරල් ප්රජාතන්ත්රවාදී අපි කෙසේ හෝ බලය ලබා ගැනීමේ පටු අරමුණින් ජනතාව ආකර්ෂණය කරගැනීමට මෙන්ම ප්‍රායෝගික නොවන පොරොන්දු ලබා නොදෙන්නෙමු.
නායක
සභාපති
මහ ලේකම්
නියෝජ්‍ය සභාපති
නියෝජ්‍ය මහලේකම්
භාණ්ඩාගාරික
ජාතික සංවිධායක
ජාත්‍යන්තර කටයුතු ලේකම්
තනි පුද්ගලයකුට තනිව කළ නොහැකි දේට වඩා වැඩි යමක් ජනතාව වන අපි එක්ව අත්කර ගනිමු...